මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු බියගමදී STF අත්අඩංගුවට

0
10


හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ යතුරුපැදියක් සමග සැකකරුවෙකු බියගම, සියඹලාපේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයෙහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. 

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 930ක්, හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 130ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරු රඳාවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. 

ඔහු වැඩිදුර විමර්ශන සඳහා බියගම පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here