හෙරොයින්, අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යත්නයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 485ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 44ක් හා හෙරොයින් මිලි ග්‍රෑම් 190ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 39 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Saru FM Media