මත්ද්‍රව්‍ය තොරතුරු ලබාදීමට පොලිස් දුරකතන අංක නවයක්

0
8

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලිස් මූලස්ථානය මගින් මහජනතාව වෙත නව දුරකතන අංක නවයක් හඳුන්වා දී තිබේ.
මේ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින් අයිස් කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාල පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ජංගම දුරකථන අංකය වෙත ඍජුවම අමතා එකී තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
මහජනතාව විසින් එසේ ලබා දෙන තොරතුරු පිළිබදව රහස්‍යභාවය ආරක්ෂා කරමින් එම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය වැටලීම් සහ මෙහෙයුම් සිදු කිරිම ඇතුළු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග කටයුතු කරනු ලබන බවත් එහි සඳහන් වේ.
මෙරට ව්‍යාප්තව පවතින මතද්‍රව්‍ය උවදුර තුරබ් කිරිම සඳහා මහජනතාව ලබාදෙන සහාය ශ්‍රී ලංකා පොලීසිය ඉතා අගය කරන බවත් අදාල පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත එම තොරතුරු ලබා දෙන ලෙසත් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
එකී තොරතුරු සංජීව ධර්මරත්න මහතා බස්නාහිර පළාත 0718591991,කිත්සිරි ජයලත් මහතා 071859192,මහේෂ් සේනාරත්න මහතා ඌව පළාත 0718592642,මහින්ද ගුණරත්න මහතා සබරගමුව පළාත 0718592618,සුමිත් රෝහණ මහතා වයඹ පළාත 0718592600, ලලිත් පතිනායක මහතා 0718591985, බුද්ධික සිරිවර්ධන මහතා උතුරුමැද පළාත 0718592645, ටී.සී.ඒ.ධනපාල මහතා උතුරු පළාත 0718592644 සහ වරුණ ජයසුන්දර මහතා නැගෙනහිර පළාත 0718592640 යන දුරකතන අංක ඇමතීමෙන් ලබාදිය හැකි බවත් පොලිස් මූලස්ථානය වැඩිදූරටත් සඳහන් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here