මත්ද්‍රව්‍ය තොගයක් සමග මහ මුහුදේදී අත්අඩංගුවට ගත් බෝට්ටුව දික්ඕවිට ධීවර වරායට

0
16


ශ්‍රී ලංකාවට බටහිරින් වූ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යාත්‍රා කරමින් තිබූ බෝට්ටුව දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී එම බෝට්ටුව සිය භාරයට ගත් බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.

මෙරටට අයත් එම බෝට්ටුවේ පුද්ගලයින් 07 දෙනෙකුද සිට තිබෙනවා.

ධීවර වරාය වෙත රැගෙන ආ එම බෝට්ටුවේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය මේ වන විට ගණනය කරමින් සිටින බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here