රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් (රු. 12,330,000) වටිනා “කොකේන්” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ විදේශීක කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව උගන්ඩා ජාතික 47 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
උගන්ඩාවේ සිට දෝහා හරහා කටාර් එයාර්වේස් ගුවන් සේවයේ QR664 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඇති ඇය බුද්ධි තොරතුරු හා අවදානම් විශ්ලේෂණය මත තෝරා ගනිමින් පූර්ණ වශයෙන විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.
එහිදී සැකකාරියගේ ඇඳුම් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන තිබූ කොකේන් කැප්සියුල් 21ක් සොයාගෙන ඇති අතර, ඒවායේ මුළු බර ග්‍රෑම් 274ක් පමණ වේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් (රු. 12,330,000) පමණ වන බව ඇස්තමේන්තු කර ඇත.
තවද, සැකකාරිය විසින් සිය ශරීරය තුළ (internal concealment) තවත් මත්ද්‍රව්‍ය කැප්සියුල් ගිලගෙන ඇති බවටද දැඩි සැකයක් පවතින අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය හා නීතිමය ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් පවතී.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි පරීක්ෂණ, නීතිමය ක්‍රියාමාර්ග හා නඩු පැවරීම් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය වෙත භාර දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලාශ්‍රය, ඉලක්කගත බෙදාහැරීමේ ජාලය සහ සම්බන්ධ වෙනත් දේශීය හෝ ජාත්‍යන්තර පුද්ගලයන් පිළිබඳව වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක වේ.
2
Saru News
















