මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධිව උපයාගත් රු. කෝටි 03කට අධික දේපල ක්‍රියා විරහිත කරයි… – Saru News | සිංහල

0
2

කොළඹ 14 ප්‍රදේශයේ පදිංදි මත්ද්‍රව්‍ය ජවාරම්කාරියක විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර දේපල හා වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදීගෙන ඇති කොළඹ 14 සහ ජා ඇල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 514කට අධික වටිනාකමකින් යුත් ඉඩමක්, කඩකාමර 04ක්, තෙමහල් නිවසක් සහ රුපියල් ලක්ෂ 59ක වටිනාකමකින් යුතු බැංකු ගිණුම් 06ක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මීගමුව සහ කොළඹ මහාධිකරණ මඟින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝග දීර්ඝ කර බලාත්මක කර ඇත.

සැකකාරිය සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට කරුණු අනාවරණය වන වෙන්නවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමේ පිහිටි රුපියල් ලක්ෂ 300ක් වටිනා සුඛෝපභෝගී තෙමහල් නිවස මාර්තු 20 වන දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here