මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව රටම එකට ජාතික මෙහෙයුම එයි

0
1

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් මුලපිරීමක් වන ‘රටම එකට ජාතික මෙහෙයුම’ නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

එම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමල විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කෙරේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here