කොටහේනේ පදිංචිව සිටි පාසල් ශිෂ්‍යාවක් සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් විකෘති සහ අසත්‍ය සංවිධානාත්මක මඩ ප්‍රචාර රැසක් දියත් කර ඇති අතර එම සමස්ත සිදුවීම පිළිබඳව සත්‍ය තව දුරටත් යටපත් කිරීමට කටයුතු කරමින් සිටින බව හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් ළමා හා කාන්තා අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී කළ කතාව ද විකෘති කරමින් දෙරණ ඇතුළු නයි නාඩගම් ජනතාවට පෙන්වූ නාළිකා ජනතාව නොමග යැවීම පිණිස ප්‍රචාරය කර තිබිණි. එම පාර්ලිමේන්තුවේ කතාවේ දළ සිංහල පරිවර්තනයක් බීබීසි සිංහල වෙබ් අඩවියෙන් උපුටා ගෙන මෙහි පළ කරන්නෙමු.
“මේ සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු මම එකතු කළා ඉදිරි පරීක්ෂණයක් වෙනුවෙන්. මේ සිද්ධිය ආරම්භ වෙන්නේ 2024 දෙසැම්බර් මාසයේ. මේකේ මුල බැලුවොත් මේ සිසුවිය මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබලා තියෙනවා. මේ සිසුවියට සිදු වුණා කියන අපචාර සිදුවීමෙන් පසුව JMO වාර්තාවක් අරගෙන තියෙනවා. මේ ළමයාගේ පාසලේ අනෙක් සමවයස් සිසු සිසුවියන්ගෙන්, ඒ වගේ ම ළඟ යාලුවන්ගෙන් තොරතුරු අරගෙන අපි ෆයිල් එකක් හදලා තියෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් මැයි 05 වන දා ළමාරක්ෂණ අධිකාරියට ගිහින් පැමිණිල්ලක් කරන්න කියලා දෙමව්පියන්ට කිව්වත් අදට [මැයි 08] දවස් 4ක් ගිහිල්ලත් තවම පැමිණිල්ලක් කරන්න ගිහින් නෑ.
අද [මැයි 08] පැවැත්වෙන උද්ඝෝෂණයෙන් පස්සේ අධ්‍යාපන අමාත්‍යංශයටයි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයටයි පෙත්සමක් භාර දෙන්න එනවා කිව්වා. මම ඒකටත් අවස්ථාව හදලා දුන්නත්, දෙමව්පියන්ට ඇවිල්ලා මාව හම්බවෙන්න කිව්වත් තව ම ඇවිල්ලා නෑ. හෙට හෝ අනිද්දා ඔවුන් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේවා ෆේස්බුක් එකෙන්වත්, සමාජ මාධ්‍යවලින්වත් විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි.
අපට නීතිය ක්‍රියාත්මක කරගන්න ඕනේ නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ වෙච්ච සිදුවීම ගැන නීතිය ක්‍රියාත්මක විය යුතු බවට අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ නිසා මේ සිදුවීමේදී නීතිය හරියට ඉටු වෙන්න ඕනේ නම් එකට නිසි පරිදි නීතියේ පිහිට පැතිය යුතුයි.
එහෙම නැතිව සමාජ මාධ්‍ය තුළින්, වෙනත් අය හරහා නීතිය අතට ගත්තොත් බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නෑ.
මේ නිසා මම ඉල්ලා සිටිනවා මේ සිදුවීමට යුක්තිය ඉල්ලා සිටින අයට නීතිය හමුවට ඇවිල්ලා ඒ ක්‍රියාමාර්ග ගන්න කියලා.”
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය “අපි සියලු දෙනා ම වගකිවයුතු අය හැටියට මේවා ගැන කතා කරන විදිහත්, මේවා පිළිබඳව මැදිහත් වෙන විදිහත්, පරිස්සමට කළ යුතුයි. මෙවැනි අවස්ථා දේශපාලනික වාසි ලබා ගැනීමට භාවිතා නොවිය යුතුයි. මේ දරුවෙක් පිළිබඳ සංවේදී සිද්ධියක්. මෙවැනි වයසක දැරියක් සිය ජීවිතය අවසන් කිරීමට තීරණයක් ගැනීමට සිදුවීම සමාජයේ ම අසමත්කමක්“ යනුවෙන් පැවසුවාය.
මේ අතර, සම්බන්ධයෙන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් එම දැරියගේ මාපියන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) පැවැත්වීය. සමස්ත සිදුවීම පිළිබඳව කරුණු දැක්වෙන වීඩියෝව පහතින් පළ කෙරේ.
Saru FM Media