මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වනවිට බාධා එල්ල වී තිබෙනවා.
ගල්ඔය අසහා හබරණ අතර කොටුව ප්‍රදේශයේ දී වන අලියෙක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ මෙම වනඅලියා ගැටී ඇත්තේ අද (20) අලුයම 4.00 පමණ බවයි තොරතුරු වාර්තා වුණේ.
වන අලියා දුම්රියේ ගැටීමත් සමඟ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
Saru FM Media