මඩකලපුව කියන්නෙ ලංකාවේ තියෙන සංචාරයට සුදුසු තැන් වලින් ඉහළින්ම තියෙන තැනක්නේ. ලස්සන වෙරළ තීරයක්, ඓතිහාසික ස්ථාන, කළපුව වගේ සංචාරක ස්ථාන සහිත මඩකලපුවේ බලන්න කරන්න පුළුවන් තව ගොඩක් තැන් ගැනයි අද ලයිෆි අපි ඔයාලට කියන්න යන්නෙ. ඔයාලගෙ බැටික්ලෝ ට්‍රිප් එකට අපෙන් සපෝර්ට් එක ලැබෙනවනම් අපේ සතුට එච්චරයි.
1. මඩකලපු කොටුව

Image Source – en.wikipedia.org
මඩකලපුවට දුම්රියෙන් වගේ ගිහින් බැහැලා පයින් ඇවිදගෙන යන්න පුළුවන් තැනක් තමයි මේ. පෘතුගීසින් විසින් 1628දි ඉදිකරපු මේ බලකොටුව මඩකලපුවේ කේන්ද්‍රීය ස්ථානය කිව්වොත් වැරදි නෑ. ඒක ගොඩක් ශාක ආශ්‍රිත ප්‍රදේශයක පිහිටලා තියෙන නිසාත් බලකොටුවෙ ඝන බිත්ති අනර්ඝ කැටයම් වලින් නිමවෙලා තියෙන නිසාත් මේ ස්ථානයට ලැබිලා තියෙන්නෙ හරි අපූරු වටිනාකමක්. මඩකලපුවට එන අය යන්න අමතකම නොකරන තැනක් තමයි මේ. නිදහසේ ටික වෙලාවක් කාලය ගත කරන්න පුළුවන් තැනක්. වෙලාවක් නෑ, ඕනම වෙලාවක මෙතනට යන්නත් පුළුවන්.
මෙන්න තැන
2. කල්ලඩි පාලම

Image Source – traveltriangle.com
මඩකලපු යන කවුරුත් අමතක නොකර යන තැනක් තමයි මේ. සින්දු කියන මාළුවො බලන්න තමයි මෙහෙ ගොඩක් අය යන්නෙ. මේ පාලම දෙපැත්තට ගියාම කළපුවෙ ඉන්න මාළුන් ලස්සන ලස්සන ශබ්ද නිකුත් කරනවා. අප්‍රේල් ඉඳලා සැප්තැම්බර් අතර කාලෙ තමයි සින්දු කියන මාළු ඉන්නවා කියලා ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නෙ. වතුර ඇතුළෙන් මාළු ඇවිත් නිකුත් කරන ඒ ශබ්ද අපිට ඇහෙන්නෙ හරියට එයාලා සින්දු කියනවා වගේ. ඒ වගේම ලස්සන ජෙලිෆිශ්ලා වගේ තව ලස්සන මාළු විශේෂ ගොඩක් කල්ලඩි පාලම උඩට ගියාම අපිට බලාගන්න පුළුවන්.
මෙන්න තැන
3. මහත්මා ගාන්ධි උද්‍යානය / මඩකලපු ද්වාරය

Image Source – traveltriangle.com
මඩකලපුව නගරයේ කළපුවට මුහුණලා ඉදිකරලා තියෙන මේ උද්‍යානය මහත්මා ගාන්ධි තුමන්ට උපහාරයක් පිණිස එතුමාගේ විශාල රන් ආලේපිත පිළිමයක් එක්ක තමයි හදලා තියෙන්නෙ. මඩකලපු ද්වාරය පිහිටලා තියෙන්නෙත් මේ උද්‍යානය ඇතුළෙමයි. කළපුව බලන්නත් එක්ක නිදහසේ ඇවිදින ගමන් මේ උද්‍යානය ඇතුළටත් ගිහින් ටිකක් ඉඳලා එන්න පුළුවන්. සතියේ හැම දවසකම උදේ 8 ඉඳලා රෑ 10 වෙනකල් මේ උද්‍යානය විවෘතව තියෙනවා.
මෙන්න තැන
4. උනිච්චායි වැව

Image Source – commons.wikimedia.org
උනිච්චායි වැව පිහිටලා තියෙන්නෙ මඩකලපුවෙ ඉඳලා කි.මි. 30ක් විතර දුරින්. ඒ පැත්තටම වතුර සපයන විශාල වැවක් තමයි මේ. බලන්න ආස හිතෙන පරිසරයක පිහිටලා තියෙන මේ වැව බලන්න ගියාම කුරුළු විශේෂ ගොඩක් එක්ක ඈතින් අලි ඇතුන් රංචු පිටින් බලාගන්නත් පුළුවන්. හැබැයි ඔන්න අලි බලන්න කියලා ළඟට යන්න නම් උත්සහ කරන්න එපා. මොකද මේ වන සතුන් කොයිම වෙලාවකවත් විශ්වාස නැති නිසා.
මෙන්න තැන
5. කල්කුඩා හා පාසිකුඩා වෙරළ

Image Source – thetrvlblog.com
මඩකලපුවෙ ඉඳලා කි. මි 35ක් විතර උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන වචනයෙන් විස්තර කරන්න බැරි තරමෙ ලස්සනම ලස්සන බීච් එකක් තමයි මේ. ග්‍රීන් ඇල්බා බේ කියලත් හඳුන්වන මේ බීච් එකේ හොටෙල්ස් ගොඩක් පිහිටලා තියෙනවා. ඒ වගේම නිවාඩුවක් ගත කරන්න පවුලේ අයත් එක්ක යන අයට වගේම මධුසමය ගත කරන්න යන අයටත් මේ ප්ලේස් එක නම් පට්ට. ඒ වගේම වින්ඩ්සර්ෆින්, වෝටර් ස්කීන්ග්, බෝට් සේලින් වලට වගේම නාන්නත් කියාපු තැන. හැබැයි යන ඕනම කෙනෙක් තමුන්ගෙ ආරක්ෂාව ගැන හිතලා තමයි වතුරට බහින්න ඕනෙ. යුධමය වාතාවරණයත් එක්ක පාළුවට ගිහින් තිබුණු මේ වෙරළ තීරය දැන්නම් සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්වෙලා. පොල් ගස් හා තල් ගස් දෙකෙන්ම සමන්විත මේ ප්‍රදේශයේ සංචාරය නම් කාටවත් එපා වෙන්නෙ නෑ කියලා නොඅනුමානයි.
මෙන්න තැන
6. පොල් සංස්කෘතික උද්‍යානය

Image Source – ttnotes.com
කල්කුඩාවල පිහිටලා තියෙන පොල් සංස්කෘතික මධ්‍යස්ථානය ඒ පැත්තෙ සංචාරයට යන කෙනෙක්ට පොල් වගාව පිළිබඳව දැනුම ලබාගන්න පුළුවන් තැනක්. පොල් වලින් කොප්පරා ලබා ගන්න හැටි, ඒවයින් තෙල් හිඳින හැටි වගේම පොල් වගාව පිළිබඳව ඇති ගැටළු වලට පිළියම්, පොල් වගාව සාර්ථක කරගන්න උපදෙස් වගේම පොල් ගසේ විවිධ කොටස් වලින් නිෂ්පාදනය කරපු ලස්සන භාණ්ඩ මිලදීගන්නත් මේ ස්ථානයෙන් පුළුවන්. ඒ වගේම ඉතා හොඳ තත්ත්වයේ පොල් පැණි, පොල් තෙල් වගේ නිෂ්පාදනත් මෙහෙන් අපිට ගන්න පුළුවන්. කොහුබත් හදන හැටි, ලණු වියන හැටි ඇස් දෙකෙන්ම බලාගන්නත් පුළුවන්. ඒ නිසා අමතක නොකර මෙතනටත් යන්න කට්ටිය ප්ලෑන් කරගන්න.
මෙන්න තැන
The post මඩකලපුවේ සංචාරයට සුදුසු තැන් appeared first on Lifie.LK.
Saru FM Media