මඩකලපුව මංමුනේ දකුණ සහ කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් පුරාවිද්‍යා ස්ථාන පහක සවිකර තිබූ නාමපුවරු කිසියම් පිරිසක් ගලවා ඉවත් කර ගෙනයාම සම්බන්ධයෙන් ඉකුත් 23 දා ලැබුණු පැමිණිලි අනුව පරීක්ෂණයක් ආරම්භ කළ බව කිරන් හා පට්ටිපලෙයි පොලිසි පවසයි.
තණ්දාමලේ (රහත් ගල), මුරුන්කන්තිව්, තිකිළිවෙට්ටෙයි, පෙන්ඩුකල්චේනෙයි හා සාරාවෙළි යන පුරාවිද්‍යා ස්ථානවල නම් සඳහන් නාමපුවරු මෙලෙස ගලවා ඉවත් කරගෙන ට්‍රැක්ටරවල පටවාගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ පොලිසිවලට පැමිණිලි කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඩකලපුව – අම්පාර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතා මෙම පුවරු 23 දා ගලවා ට්‍රැක්ටර්වල පටවාගෙන ගොස් ඇති බව කියයි. සහකාර අධ්‍යක්ෂවරයා තවදුරටත් පවසන්නේ ගවේෂණවලදී අලුතෙන් හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට මේ වසරේ ව්‍යාපෘති හරහා යෙදූ නාමපුවරු මෙලෙස ගලවාගෙන ගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුවත් කළ බවත් ඒ මහතා පවසයි.
මේ අතර ඉකුත් 23 දා මඩකලපුවේ සංස්කෘතික උත්සවයකට සහභාගී වී සිටියදී සිද්ධිය සැලවූ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවයි.
කන්තලේ – තිවංක රාජපක්ෂ
Saru FM Media







