Monday, May 12, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මට වරෙන්තු 07 ක් තිබූ බව දැන සිටියේ නැහැ – ඇප ලබා...

මට වරෙන්තු 07 ක් තිබූ බව දැන සිටියේ නැහැ – ඇප ලබා එළියට ආ සේමිණිගෙන් සටහනක්

0
4


i-didnt-know-i-had-7-warrants---a-note-from-semini-wha-was-released-on-bail

සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් වරෙන්තු හතක් යටතේ අත්අඩංගුවට ගෙන තිබූ ප්‍රසිද්ධ රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතාගේ නියෝගය මත ඇප මත නිදහස් කරන ලදී.

වැලිකඩ පොලිසිය විසින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගනු ලැබීය. පොලිසිය අධිකරණයට වාර්තා කළේ ඉද්දමල්ගොඩ මහත්මිය පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන යාමේදී එහි සේවකයින් සඳහා ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු විවිධ ගෙවීම් පැහැර හැර ඇති බවයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් විවිධ අධිකරණ විසින් වරෙන්තු හතක් නිකුත් කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු හතරක්, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු දෙකක් සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් වරෙන්තුවක් නිකුත් කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ තර්ක කළේ ඉද්දමල්ගොඩ මහත්මිය ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් බැවින් ඇයට අධිකරණයෙන් පලා යාමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. එමෙන්ම, ඇතැම් නඩුවලට අදාළ මුදල් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවත්, එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දුන්හ.
සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට තීරණය කළේය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පැමිණිලි හතරට අදාළව මුදල් ගෙවීම් සිදු කළ බවට වාර්තා ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා සැකකාරියට නියෝග කර ඇත.

මේ අතර ඇප මත නිදහස්වූ සේමිණී ඉද්දමල්ගොඩ තමන්ට වරෙන්තු තිබූ බව දැන සිටියේ නැති බවත් තමා අත්අඩංගුවට ගත්තේ විහිළුවටදැයි සිතුණ බවත් කියමින් ෆේස්බුක් සටහනක් තබා තිබේ.
එය පහතින්

ඇත්ත ඇති සැටියෙන්…..
ඊයේ රාත්‍රී මාගේ සැමියාගේ මෝටර් රථය පාර්ලිමේන්තු පාරේදී අනතුරකට ලක්වූ අතර අනතුරෙන් පසු ඔහු වැලිකඩ පොලීසියට ගියා. ඒ පිළිබව සැලවී මෙන් අනතුරුව මමද ඒ අවස්ථාවේම පොලීසියට ගියා. එහිදී එම ස්ථානයේ සිටි පොලිස් නිළධාරියෙක් ඔයාට වරෙන්තු වගයක් තියෙනවායැයි පවසා මාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරා. ඒ පිළිබඳව එම නිළධාරියා මුලින් පැවසූ විටදී මා සිතුවේ ඔහු විහිළුවක් කරා කියලයි. මොකද මං එතෙක් මා වෙත එවැනි වරෙන්තු නිකුත් කිරීමක් සිදු කර ඇති බව දැනගෙන සිටියේ නැහැ. පසුව ඔහු ඒ පිළිබඳව සටහන් තබා උදෑසන වනතුරු මාව පොලිසියේ රඳවා තබාගෙන සිට අනතුරුව අද දින උදෑසන උසාවියට ඉදිරිපත් කරා. ඇත්තටම මේක කම්කරු උසාවිය සම්බන්ධ ප්‍රශ්නයක්. නමුත් මෙම සිදුවීම මුල්‍ය චෝදනාවක් ලෙස හුවා දැක්වීමක් සිදු වූ බව ඇප ලබා පිටතට පැමිණි පසුව මට දැන ගැනීමට ලැබුණා.
සැබෑ සිදුවීම වන්නේ මට අයත් ව් යාපාර අතර පවතින පුද්ගලික ආරක්ෂක සේවා ලබාදෙන ව්‍යාපාරයේ සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් පිලිබද ඇති වූ ගැටලුවකි. ඊට අදාල සිතාසි 07ක් මේ වනතුරු මට ලැබී තිබුණේ නැහැ. ඒවා බාර දී තිබුණා යැයි පැවසුවේ මෙම සේවාවට අයත් පරණ කාර්යාලයකටයි. ඒ පිළිබඳව මම කිසිදු දැනුවත් වීමක් නැහැ. කෙසේ වෙතත් ඔය කියන කම්කරු කාරණා 07 ටම අදාල සියලු ගෙවීම් මේ වනවිටද මවිසින් සිදු කර අවසන්. ඊට අදාල සියලුම ලියකියිවලි මා සන්තකයේ තිබී ගරැ අධිකරනයට ඉදිරිපත් කල අතර ගරැ අධිකරනය විසින් ඉතා කෙටි වේලාවක් තුළ මට ඇප ලබා දීමට කටයුතු කරා.
ඒ සදහා ගරැ අධිකරනයට ස්තුති වන්ත වන අතර මෙවැනි සිදුවීමක් රටේ කවර තරාතිරමක පුද්ගලයෙකුට වුව සිදුවිය හැකි වුණත් මා වැන්නෙකුට එවැන්නක් සිදුවීම පෞද්ගලිකව ඉතාම ඛේදනීය වටපිටාවක් ගොඩනගන සිදුවීම් දාමයකට මග පාදනවා. අද සිදු වූයේත් එවැන්නක්. කරුණු කාරණා නොසොයා ඒකමතිකව මාව වරදකරු කර පුළුවන්නං තවත් අභූත චෝදනා රැසකුත් පටබැඳ පතුරුවා හැරීමට සමහර පුද්ගලයින් කටයුතු කරන ආකාරයක් දැකගන්න ලැබුණා. ඒ පිළිබඳව ඇත්තටම පවතින්නේ දුකක් නොව කලකිරීමක්. සිදු වූ සිදුවීමේ සත්‍යය ඇති සැටියෙන්ම මං මෙහි සඳහන් කර තිබෙනවා. මේ සුළු වේලාව තුළ අසත්‍ය චෝදනා පැතිර වූවන්ට සත්‍ය අවබෝධ වේවා යන්න මගේ පැතුමයි. ඒ වගේම ඊයේ රාත්‍රියේ සිට මා සමග රැදී සිටි සහ මා පිළිබදව සොයා බැලු සියලුම මිතුර මිතුරියන්ට හා මාගේ ප්‍රාණසම ආදරනීය ප්‍රේක්ශකයන්ට අනේක වාරයක් ස්තුතියි. ආදරෙයි
සේමිණි ඉද්දමල්ගොඩ.
2025/05/11

gossiplanka image 2



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here