එයා දැන් වැඩ ඇරිලා හැමදාම ගෙදර එන්නෙ පරක්කු වෙලා. එයාට දැන් කෝල් එනවත් වැඩියි. මට හිතෙනවා එයා වෙන සම්බන්ධයක් පටන් අරන් ඇති කියලා – සුභාෂිණී – මතුගම
මම තවම විවාහ වෙලා නැහැ. මට ආදරවන්තයෙක් ඉන්නවා. එයා මුල් දවස්වල මට ගොඩක් ආදරෙන් හිටියා. ඒත් දැන් එහෙම නැහැ. ඉස්සර තරම් දැන් එයා මං ගැන හොයල බලන්නෙ නැහැ. මට හිතෙනවා එයාට වෙන කවුරු හරි ළං වෙලා ඇති කියලා. – අනෝජි -කෑගල්ල
අපි කසාද බැඳලා දැන් අවුරුදු පහක් වෙනවා. දැන් අපට චූටි පුතෙකුත් ඉන්නවා. ඉස්සර මගේ මහත්තයා මං ගැන හුඟක් සැලකිලිමත්. මගේ ඇඳුම්, මගේ ගමන් බිමන්, මම ආස කරන කෑම බීම ඒ හැම දෙයක් ගැනම එයා උනන්දුවෙන් හිටියා. ඒත් දැන් එයා හරි වෙනස්. මට හිතෙනවා එයා වෙන ආදරයක පැටලිලා කියලා. – සමන්තා – වේරහැර
එක්තරා පුවත්පතක, විශේෂඥ උපදෙස් ලබාදෙන පාඨක ගැටළු තීරුවකට කාන්තාවන් එවා තිබූ ගැටළු අතරින් කිහිපයක් තමයි ඒ. මේ සියලු දෙනාට ම ඒ උපදේශකයා යෝජනා කරල තිබුණෙ එකම විසඳුමක්. ඒ තමයි කරුණාකර ඔබ මුලින් ම ඔබේ සිත තුළ ඇති සැකය නිවැරදි දැයි හඳුනාගන්න. සැකය මත සිට තීරණ ක්‍රියාත්මක කිරීම කොහෙත්ම සාධාරණ නැහැ. නිවැරදි වෙන්නෙත් නැහැ.
සැකය සමඟ ජීවත් වෙන්න ඉතාමත් අපහසුයි. ඇත්තටම ඔබට ඔහුගේ ආදරය සම්බන්ධව සැකයක් ඇති වුණොත් ඔබ මොනවද කරන්නේ?
මෙහෙම කටයුතු කළත් ඔහු ගැන ඔබේ හිතේ තියෙන සැකය මඟ හැරුණේ නැත්නම්, දවසින් දවස ම ඔබේ සහකරුගේ හැසිරීම් හරහා ඔබේ සැකය තහවුරු වෙනවානම් ඔබ කරන්න ඕනේ මොකක්ද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් දැනගනිමු.
-නිරංජලා-
Saru FM Media