මගියෙකුගේ මුදල් සොරකම් කළ කුලී රථ රියදුරෙකු අත්අඩංගුවට

0
18


ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාරදහස් හාරසීයක මුදල් සොරාගත්, ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 29 වන දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති එම ගුවන් මගියා, සිය නිවෙස වෙත යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් අදාළ කුලී රථය ලබා ගෙන ඇති අතර, අමතක වීමකින් එම රථෙයහි ඔහුගේ ලැප්ටොප් පරිගණකය අඩංගු බෑගය දමාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුව අදාළ රියදුරාගෙන් ඒ පිළිබඳ විමසූ විට, එම බෑගය තම රථෙයහි ඇති බවත්, එය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ භාර ගන්නා ලෙසත් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව එම ගුවන් මගියා අද උදෑසන පැමිණ අදාළ බෑගය භාරගෙන පරීක්ෂා කිරීමේ දී එහි වූ රුපියල් නව ලක්ෂ හාරදහස් හාරසීයක මුදල එහි නොමැති බව දැනගැනීමෙන් පසු, කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ, පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරින් අදාළ රියැදුරා සොයා අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සැකකරු පවසා ඇත්තේ එම මුදල හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය වෙත ලබාදුන් බවයි.

පසුව  පොලීසිය කළ දැනුම්දීම මත අදාළ තැනැත්තිය පොලීසිය වෙත පැමිණ එම මුදල භාර දීමට පියවර ගෙන තිබෙනවා.          

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here