මගියා බේරන්න ‘බ්රේක්’ ගැසූ ලොරියේ රියැදුරු කුටියත් කඩාගෙන මහ පාරේ

0
7

දෙහිවල, මහරගම 119 මාර්ගයේ බොරලැස්ගමුව නගර මධ්‍යයේ පාසල් මාවත අසල පදික මාරුවේදී තට්ටු ලොරි රථයක් හදිසියේ තිරිංග තදකිරීම නිසා එහි රියැදුරු කුටිය ගැලවී රියැදුරු සමග මාර්ගයට වැටී කුටියට බරපතල හානි සිදුවී ඇතැයි බොරලැස්ගමුව පොලිසියේ රථවාහන අංශය පවසයි.

ඉකුත් 14 වැනිදා උදෑසන බොරලැස්ගමුව සිට බෙල්ලන්විල දෙසට ලොරිරථය ගමන් කරමින් සිට ඇත. එම අවස්ථාවේ පාසල් මාවත අසල පදික මාරුවෙන් ජංගම දුරකථනයකින් කථාකරමින් මාරුවීමට ගිය පුද්ගලයකු බේරීමට එකවර තිරිංග තද කිරීම නිසා රියැදුරු කුටියේ අගුලු ගැලවී කැඩී රියැදුරු සමග එම කුටිය මාර්ගයට වැටී ඇති බව හෙළි වී තිබේ.අසල සිටි පිරිස පැමිණ සිරවී සිටි රියැදුරු කූටියෙන් එළියට ගැනීමට කටයුතු කර ඇති අතර කිසිවකුටත් අනතුරක් සිදූවී නැතැයි පොලිසිය පැවසීය.

බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ අධීක්ෂණය මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිඳු මධුෂාන් මානවඩු වික්‍රමසිංහ මහතා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here