සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය උපාධි සහතිකයක් නැතැයි තමන් සිතන බවත් එවැන්නක් ඔහු සතුව තිබුණේ නම් එය රටට ඉදිරිපත් කිරීමට ඕනෑතරම් කාලයක් මේ වනවිට ගතවී ඇති බවත් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
“ඔහු රටට කරපු ප්‍රකාශයක් තියෙනවානෙ ඒක ඉදිරිපත් කරනවා කියලා, ඒත් තවම ඉදිරිපත් කරලා නැහැ. ඔහුට වගකීමක් තියෙනවා ඒක ඉදිරිපත් කරන්න”
ප්‍රශ්නය – නමුත් දැන් අවුරුද්දකට වැඩියි, ඔහු ඒක ඉදිරිපත් කරලා නැහැ. පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ට වගකීමක් තියෙනවා නේද ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ?
“අපි ඒක කළානෙ. එයා රටේ තුන්වෙනි පුරවැසියා හැටියට හිටියෙ. අපි එයාට දේශපාලන වශයෙන් පක්ෂයක් හැටියට දෙන්න තියෙන දඬුවම දීලා ඉවරයි. ඒක ලොකු එකක්. එහෙම නොවුණා නම් හොඳයි. අපි අපේ පක්ෂය පැත්තෙන් ගන්න තියෙන ක්‍රියාමාර්ගය අරන් තියෙන්නෙ”
ප්‍රශ්නය – ‘එහෙම නොවුණා නම් හොඳයි’ කියන්නෙ ඔහු එක්තරා ආකාරයකට ඒක වංචනිකව ඉදිරිපත් කරලාද ?
“මම හිතන්නෙ නෑ වංචනිකව කියලා”
ප්‍රශ්නය – එතකොට ‘එහෙම නොවුණා නම් හොඳයි’ කිව්වෙ කථානායක ධුරයෙන් ඉවත් කරන්න සිදුවීම ගැනද ?
Saru News










