
මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ අමාෂා දුලාරි පෙරේරා සිසුවියට හිමි වී තිබේ.
සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇය මෙසේ පැවසුවාය.
මම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන ලැබුවේ විදුර විද්‍යාලයෙන්. මුල
ඉඳලම මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. සාමාන්‍ය පෙළින්
පසුව මම කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වුණා.
මගේ මහන්සියට ප්‍රතිඵල ලැබුණු එක ගැන සතුටුයි.මුල ඉඳලම ඉලක්කයක් තියාගෙනයි අධ්‍යාපන කටයුතු කළේ.ඒ සඳහා විශාඛා විදයාලයෙන් උපරිම සහායක් හිමි වුණා.
වටිනම තැන තමා විශාඛා එකේ ‘රීඩින් රූම්’ එක. පාසලේ පුස්තකාලයත්,පාඩම් කරන රීඩින් කාමරයත් සහාය තමා ගොඩක් බලපෑවේ.
ඒ පුස්තකාලයේ පාස් පේපර්ස් සෑහෙන්න තියෙනවා.මම පහුගිය පාස් පේපර්ස් සෑහෙන්න කළා.සද්ද නැතිව පාඩම් කරන්න පුළුවන් පරිසරයක් රීඩින් රූම් එකේ තිබුණා.නිදහස් පිරීයඩ්වල රීඩින් රූම් එකට ගිහින් පාඩම් කළා.මේ දේවල් මගේ ප්‍රතිඵලයට දායක වුණා.
මගේ මුල් පාසල විදුර විද්‍යාලය.විදුර විද්‍යාලයෙන් මට හොඳ ෆවුන්ඩේෂන් එකක් ලැබුණා. ඒ වගේම මගේ අම්මා ඇයත් ගණකාධිකාරිවරියක් මං වෙනුවෙන් මගේ පිටුපසින්ම හිටියා.මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අක්කා රුසියාවේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා.තාත්තත් අක්කාත් මේ ප්‍රතිඵලයට සහාය වුණා.
පාසල් දෙකේම ගුරුවරු අගය කරනවා.
වරලත් ගණකාධීකාරිවරියක් වෙන එක මගේ හීනයක්.ඊට අවශ්‍ය අනෙකුත් සුදුසුකම් සපුරාගෙන හොඳ පුරවැසියෙන් විදියට රට වෙනුවෙන් සේවය කරන එකයි බලාපොරොත්තුව.

Saru FM Media