කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා අවශ්‍ය මස් ලබා ගැනීම සඳහා එළුවන් දෙදෙනෙකු සහ කුකුළන් හතර දෙනෙකු සොරකම් කළ සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (17) වෙනිදා කොස්ලන්ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
කොස්ලන්ද මකල්දෙණිය දියගල පහළ කොටසේ පදිංචි තරුණයෙකුගේ මංගල උත්සවයකට මස් ලබාගැනීම සඳහා අසල්වැසි කාකාන්තාවකට අයත් එළුවන් දෙදෙනෙකු සහ කුකුළන් හතර දෙනෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන සැකකරුගේ මංගල උත්සවය ලබන මස පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඔහුගේ මිතුරන් විසින් මෙම සොරකම සිදුකර ඇත.
සොරකම් කරන ලද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ කුකුළන්ගේ මස් ආහාරයට ගෙන ඇති අතර එළුවන් දෙදෙනාගේ මස් ශීතකරණ වල තබාගෙන සිටි බව අනාවරණය වී තිබේ.
Saru FM Media









