කාර්යක්ෂම නොවන විදුලි උපකරණ හේතුවෙන් බලශක්ති හානිය වැඩි වශයෙන් සිදුවන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.
එම ආයතනය පෙන්වා දෙන්නේ වසර 10කට වඩා පැරණි ශීතකරණ භාවිතය නිසා මෙම හානිය වැඩිවශයෙන් සිදුවන බවය.
එම අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් හර්ශ වික්‍රමසිංහ මහතා කොළඔ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව හෙළිකළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හර්ෂ වික්‍රමසිංහ මහතා,
“සමීක්ෂණවලදී අපට දැනගන්න ලැබුණා ලංකාවේ කාර්යක්ෂම නොවන ගෘහ උපකරණ අධික විදුලි බිල්වලට හේතුවක් බව.
සාමාන්‍යයෙන් වසර 10කට වඩා භාවිතාකරන ශීතරකණයක මේ ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම වායුසමිකරණවල.
බස්නාහිර පළාතේ නිවෙස්වල තියෙන ශීතකරණවලින් තුනෙක් එකක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ තියෙන්නේ. ඒ හේතුවෙන් විදුලි ඒකක මාසයකට 100ක් ඉක්මවා යනවා.
ඒ වගේම ලංකාවට කාර්යක්ෂමතාව අඩු උපකරණ ගෙන්වීම නවත්වලා තියෙන්නේ. මේ වසර අවසන් වනවිට වායුසමිකරණ යන්ත්‍රවලටත් ඒ නීතිය දැඩි කරනවා”.
Saru FM Media