භානුකගේ මාලෙ ගත්තැයි කී හර්ශිට ඇප 

0
3

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන භානුක රාජපක්ෂට අයත් රන්මාලයක් හා පෙන්ඩනක් වංචා සහගත ලෙස උකස් කිරීමේ සිද්ධියකට අදාළව තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නව පරපුරේ රංගන ශිල්පිනියක් වන හර්ශි රසාංගිකා ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (29) නියෝග කළේය.

පැමිණිලිකාර ක්‍රිකට් ක්‍රීඩක භානුක එම රංගන ශිල්පිනිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එම කාල වකවානුවේදී ක්‍රිකට් ක්‍රීඩකයා සතුව තිබූ රන්මාලය සහ පෙන්ඩනය රංගන ශිල්පිනිය වෙත ලබා දී තිබූ බව පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා වීරසක වීමෙන් අනතුරුව ක්‍රීඩකයා විසින් රන්මාලය සහ පෙන්ඩනය ඉල්ලා රංගන ශිල්පිනිය හමුවට ගිය අවස්ථාවේදී ඇය විසින් එය උකස්කර රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් ලබාගත් බව පවසමින් උකස් තැබූ රිසිට් පත ක්‍රීඩකයා වෙත ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම රිසිට් පතත් රැගෙන තලංගම පොලිසිය වෙත පැමිණ තිබූ ක්‍රිකට් ක්‍රීඩකයා ඒ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව රංගන ශිල්පිනිය අත්අඩංගුවට ගෙන ඇත.

23 හැවිරිදි රංගන ශිල්පිනිය සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම නඩුව ලබන මස 22 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර එදිනට ඇය භාරයේ ඇති රන් මාලය හා පෙන්ඩනය තලංගම පොලිසිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.

තලංගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් මලවීරගේ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් හර්ෂි ෆේස්බුක් සමාජ ජාලයට විඩියෝවක්ද මුදා හැර තිබේ.

එය පහත දැක්වේ. 

වීඩියෝ අනුග්‍රහය – බට්ටී

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here