කිළිනොච්චිය මුහමාලේ පෝන්ඩාර් ප්‍රදේශයෙන් පුපුරා නොගිය මෝටර් උණ්ඩ තොගයක් ඊයේ (14) දිනයෙදි ගම්වැසියෙකු විසින් සොයා ගෙන ඇත.
මෙම පුද්ගලයා කෙසෙල් වගාවක් සදහා අලුතින් බිම සකස් කරමින් සිටියදී මෙම මෝටාර් උණ්ඩ තොගය පොලොව යටින් මතු වී ඇති අතර ඔහු වහාම ඒ පිළිබදව පලෙයි පොලීසියට දැණුම් දී තිබේ.
පසුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ එම ස්ථානය පරික්ෂා කොට පුපුරා නොගිය මෝටාර් උණ්ඩ 42 ක් ගොඩ ගෙන ඇත.
මේ පිලිබඳව සිදු කරන ලද පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ මුහමාලේ ප්‍රදේශය ඉතා දීර්ග කාලයක්ම යුද ගැටුම් පැවති ප්‍රදේශයක් බවට පත්ව තිබූ නිසා කිසියම් පාර්ශ්වයක් විසින් මෙම මෝටාර් උණ්ඩ එම ස්ථානයේ වළ දමන්නට ඇති බවය.
කෙසේ වෙතත් 2017 වසරේදී මේ ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කොට බෝම්බ වලින් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කොට ජනතාව යළි පදිංචි කළ ප්‍රදේශයකි.
ගොඩ ගන්නා ලද මෝටාර් උණ්ඩ අධිකරණ නියෝගයක් මත පුපුරවා හැරීමට පලෙයි පොලීසිය හා පොලිස් විශේෂ කාර්යබලකාය පියවර ගෙන තිබේ.
Saru FM Media