ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමියේ බුදු පිළිම ඉවත් කිරීම ට හා භික්ෂූන් වහන්සේලා ට පහරදිමට පොලිසිය කටයුතු කළේ කවරෙකුගේ වුවමනාවන්වෙ නුවෙන් දැයි ප්‍රශ්න සහගත බවත් පොලීසියේ එම අනීතික හැසිරීම තරයේ හෙළා දකින බවත් සදහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ඊයේ (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත.
එම පහර දීම හේතුවෙන් විහාරාධිපති හිමියන්ට රොහල් ගත වෙන්න සිදු වීමට සිදුව ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් උවහන්සේ ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ දැක්වේ. ඒම ලිපියේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.
යථෝක්ත විහාරස්ථානය වර්ෂ 1951 සිට පවත්වාගෙන එන ලබන විහාරස්ථානයකි. එය බෞකො/විහා දේ / 15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාඅමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ ලියාපදිංචි කරන ලද විහාරස්ථානයකි. 2014 වර්ෂයේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිතුමන් විසින් දීමනා පත්‍රයක්
මඟින් හිමිකම් තහවුරු කර ඇත.
කරුණු එසේ තිබියදීත්, ඒ හිමිකම් දීමනා ප්‍රදානයන් හා රජයේ ලියාපදිංචිව ඇති මෙම විහාරස්ථානයට හා භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති තර්ජන අභියෝග මහා සංඝ රත්නයේ සේම බෞද්ධ ජනතාවගේ ද සිත් තැවුලට හේතු වී ඇත. විශේෂයෙන්ම 2025.11.16 දින සිදු වූ සිද්ධීන් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකිමි. මේ පිළිබඳ ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කොට දැනට කඩා ඉවත් කිරිමට යොජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත් විහාර භූමියේ, විහාරස්ථානයේ හාභික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ අංශ දැනුවත් කොට කඩිනම් පියවර ගන්නා ලෙසත් දන්වා සිටිමි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media









