බොල්ගොඩ පාලම ආසන්නයේ හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට වෙඩිප්‍රහාර 21ක් එල්ල කර ඝාතනය කිරිමේ සිදු වීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ මෙම ඝාතනය මෙහෙයවීම සඳහා සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇත.
ඔහු ළඟ තිබී තියුණු කඩු 5ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර හිරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වේ.
වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කර ලැබුණු තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසුව තියුණු කඩු 5ක් සහ අපරාධ සඳහා භාවිතා කළ ජංගම දුරකථනයක් ද සොයා ගෙන තිබේ.
මෙලෙස පොලිස් භාරයට ගෙන තිබූ කඩු, පසුගිය කාලයේ සිදුවූ පහරදීම් ඇතුළු විවිධ අපරාධ සඳහා භාවිතා කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
Saru FM Media