ලොව දුප්පත්ම ජනාධිපතිවරයා වශයෙන් විරුදාවලි ලැබ සිටි දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ජොසේ මුජිකා වයස අවුරුදු 89ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වී තිබේ. හිටපු ගරිල්ලා නායකයකු ද වන මුජිකා ‘පෙපෙ’ යන නමින් ද හැඳින්වෙන අතර වසර 2010 – 2015 දක්වා කාලය තුළ උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. Sri Lanka Latest News
හිටපු උරුගුවේ ජනාධිපතිවරයාගේ මරණයට හේතුව අනාවරණය කර නොතිබුණ ද ඔහු කාලයක් මුළුල්ලේ පිළිකාවකින් පෙළෙමින් සිට තිබේ. මුජිකා උරුගුවේ පාලකයා වශයෙන් සිටියදී පෙන්නුම් කළ සරල හැසිරීම් රටාව හේතුවෙන් ඔහු ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වූ අතර සිය පාලන කාලය තුළදී සමාජ ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කරමින් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සුරැකීම හා ප්‍රවර්ධනය කිරීම විවේචනය කිරීමට ඔහු කටයුතු කර තිබිණි.
ඔහුගේ පාලන කාලය තුළදී උරුගුවේ විනෝදාස්වාදය සඳහා ගංජා භාවිතය නීතිගත කළ ප්‍රථම රට බවට පත්ව තිබිණි. මුජිකා රාජ්‍ය නායකයෙකු ලෙස ලොව පුරා ලබා තිබූ ජනප්‍රියත්වය උරුගුවේ රාජ්‍යයේ රාජ්‍ය නායකයකු විසින් මෙයට පෙර අත් කරගෙන නොතිබිණි.
Saru FM Media