2005 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ එස් එෆ් සරත් නමැත්තාට කොළඹ මහාධිකරණය අද (01) මරණ දඬුවම නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතායි තීන්දුව ලබාදුන්නේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටි චමින්ද රවී ජයනාත් ඇතුළු තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියම කළා.
බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.
Saru FM Media