ශ්‍රී ලංකා “මූඒතායි” බොක්සිං කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ යොවුන් “මූඒතායි” ලෝක ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා පසුගියදා පිටත්ව ගියහ.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 116 ක යොවුන් “මූඒතායි” ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (11දා) දින සිට 19 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලාංකික “මූඒතායි” ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනකු සහ නිලධාරීන් 04 දෙනකු පිටත්ව ගියහ.
කටුනායක – ටී.කේ.ජී. කපිල
Saru FM Media