බේබදු සැමියා කණුවක ගැට ගසා මැරෙනකම් බිරිඳ ඉදලෙන් ගහලා

0
3

බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැමියා කොන්ක්‍රීට් කණුවක ගැට ගසා මිය යනතුරු ඉදලකින් පහර දුන් බව කියන කාන්තාවක් හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ සල්උයන් වත්ත, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි ගාමිණී පද්ම කුමාර නමැති 32 හැවිරිදි බේකරි රැකියාවේ නිරත පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා අධික ලෙස බීමත්ව එම ප්‍රදේශයේම නිවසකට ඊයේ (24 ) අලුයම් කාලයේ ගොස් එම නිවැසියන්ට හිරිහැර වන සේ කටයුතු කිරීම නිසා එම නිවැසි කාන්තාව විසින් අදාළ පුද්ගලයාගේ බිරිඳට දැනුම්දීමෙන් අනතුරුව ඇය එම නිවස වෙත ගොස් සැමියාට සිය නිවස වෙත යන ලෙස පැවසූ නමුත් ඔහු පරුෂ වචනයෙන් බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේ සැකකාර බිරිඳ එම අදාළ පුද්ගලයා එම නිවසේ ආලින්දයේ කණුවක රෙදි පටියකින් ගැට ගසා අසල තිබූ ඉදලක් ගෙන පහරදී ඇති අතර, එම පහරදීමෙන් පසු එම පුද්ගලයා එම ස්ථානයේ ඇද වැටී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

අදාළ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් මෙන්ම අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කළහ.

සැකකාරිය හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here