චීනයේ කැපිටල් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් යානයක් අද (31) පස්වරුවේ බෙයිජිං නුවර – ඩාෂිං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම මංගල ගුවන් ගමන සඳහා ඒ-330 එයාර් බස් යානයක් යොදවා තිබූ අතර, එම යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසි අවස්ථාවේදී ජල ආචාර පවත්වා පිළිගනු ලැබීය.
ඒ අනුව, මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කැපිටල් ගුවන් සේවයේ ජේ.ඩී – 487 දරන ගුවන් යානයේ මගීන් 170ක් සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු සිට ඇත.
මින් ඉදිරියට මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවල පස්වරු 02.20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් එදින පස්වරු 04.20ට චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
(ඡායාරූප : කටුනායක ගුවන් තොටුපොළේ නිල ෆේස්බුක් ගිණුමෙන්)









Saru News










