බෙඩ්ෂීට් ගෙන්වන මුවාවෙන් මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි තොගයක් රේගු දැලේ

0
3

නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි 3,380,000ක් වැටලීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමත්ව තිබේ.

ඒ මෙරටට ගෙන්වන ලද බහාලුමක් පරීක්ෂා කිරීමේදීය. 

2025 වසරේ නොවැම්බර් මස ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද සැකසහිත බහාලුමක් මෙලෙස පරීක්ෂා කර ඇති අතර එහි ලේඛනවල ‘ඇඳ ඇතිරිලි’ යැයි පවසමින් මෙම දුම්වැටි තොගය ගෙන්වා ඇතැයි හෙළිවී තිබේ. 

මෙම නීතිවිරෝධි දුම්වැටිවල වටිනාකම රුපියල් මිලියන 507ක් වන අතර මෙලෙස දුම්වැටි ගෙන්වීමෙන් රජයට අහිමිවී ඇති බදු ආදායම රුපියල් මිලියන 460ක් වන බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.

බත්තරමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ලිපිනයකට අදාළව මෙම බහාලුම් ගෙන්වා ඇතැයි සිදුකළ සොයාබැලීමේදී හෙළිව තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here