බූස්ස සිරගෙදර ගැටුමක් – එක් අයෙක් මරුට

0
21


ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක සිදු වූ ගැටුමකින් එක් රැඳවූවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (04) පෙරවරුවේ මෙම අපරාධය සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

සිරකරුවන් දෙදෙනකු අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා.

ගැටුමෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියෙක් බවයි වාර්තා වන්නේ.

ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here