බූස්ස බන්ධනාගාරය තුළදී රැඳවියෙකු මිය යාම සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක්!

0
8


රෂිකා හෙන්නායක අප්‍රේල් 06 කොළඹ LNW :

මේ වන විට, බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා‌ගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පසුගිය 04 වනදා උදෑසන,  බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර, මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවිමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවද පැවසේ.

අදාළ සියළුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා දැනටමත් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවද සඳහන් වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here