බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ඝාතනයක්

0
15


බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර තිබෙනවා .

උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ .

රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට ඇතිවූ සැකය මත විමර්ශන සිදු කෙරෙනවා .

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ නන්දකුමාර් ශිව නන්දන් නමැති 46 හැවිරිදි රැඳවියෙකු වන අතර ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවූ තුවාල දක්නට ඇති බවයි සඳහන් වන්නේ .

පසුගියදා බූස්ස බන්ධනාගාරයේ දැඩි සෝදිසි කිරීමක් සිදුවූ අතර එහිදී රවුටර් සහ ජංගම දුරකථක රැසක් සොයාගෙන තිබුණා .

මෙම ඝාතනය සහ එම සිදුවීම අතර සම්බන්ධයක් පවතින්නේදැයි සැකයක් මතුවී ඇති අතර එසේත් නොමැති නම් මත්ද්‍රව්‍ය සිද්ධියක් ඝාතනයට හේතු වන්නට ඇති බවට නිලධාරීන් සැක කරන බවද වැඩිදුරටත් වාර්තා වෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here