බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ ඝාතනයක්!

0
10


කොළඹ LNW:බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර ඇතැයි වාර්තා වෙයි.

උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.

ඝාතනය වී ඇති පුද්ගලයාගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවූ තුවාල දක්නට ඇති බවයි වාර්තා වන්නේ.

ඝතනයට හේතුව මෙතෙක් නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති අතර පසුගියදා බූස්ස බන්ධනාගාරයේ කරන ලද දැඩි සෝදිසි කිරීමේදී සොයාගෙන තිබුණු රවුටර් සහ ජංගම දුරකථක අතර මෙම ඝාතන සිද්ධියේ සම්බන්ධයක් ඇත්ද නැත්නම් මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් ඊට හේතුවී ඇත්ද යන සැකයන් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

ඝාතනය වී ඇත්තේ රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙක් වන අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් එම ඝාතනය සිදුකරන්නට ඇතැයි යන සැකයද මතුව තිබෙන බව වාර්තා වෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here