බුස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

0
12


බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ අනුව ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

පසුගිය 04 වනදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.

එමෙන්ම මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

සියලුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා දැනටමත් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here