සිංහල සමාජය තුලදී බුලතට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. ගෙමිදුලෙහි සාරවත් බුලත් කොටුවක් තිබීම සෞභාග්‍යෙයේ සළකුණක් බව පැරැණ්නෝ විශ්වාස කළහ.
සිරිත් විරිත් වලදී බුලත් අත ප්‍රබල තැනක් ගන්නා දෙයකි. බුලත් හුරුල්ලක් හෙවත් බුලත් අතකට පහත රට ප්‍රදේශවල කොළ 40ක් ගනු ලැබේ. නමුත් උඩරට ප්‍රදේශවලදි ගොන්නක් හෝ මිටියක් වශයෙන් ගෙන බුලත් අත පිළිගැන්වීම සිදුවේ. විශේෂ උත්සවයකට ආරාධනා කිරීමට උපයෝගී කරගත්තේද බුලත් හෙප්පුවයි
මැලේසියාව හෝ ඒ ආශ්‍රිත නැගෙනහිර ආසියාතික කළාපය තුල බුලත් වල සම්භවය සිදු වූ බව විශ්වාස කරන අතර චීන හා අරාබි වෙළඳුන් විසින් ශ්‍රී ලංකාවට ආදී දකුණු ආසියාතික රටවල් වලට හඳුන්වා දී ඇත. අලුත් අවුරුද්දට පමණක් නොව එදිනෙදා දිවියේ බොහෝ කටයුතු සඳහා හෙළ සිරිතට බුලත් පිළිගන්වනු ලබයි.
එ් අනුව, බුලත් පිළිගැන්විමේ මූලික රටාවන් කිහිපයක් දක්නට ලැබේ.
මෙම ක්‍රමය අනුගමනය කරනු ලබන්නනේ උතුමන්ට වියතුන්ට හා වෙනත් ගෞරවනීය පුද්ගලයන්ට බුලත් පිරිනැමිමේදිය. භික්ෂුවක් , වෙදමහතෙක්, මුලාදෑන්වරයෙක් , ගුරුවරයෙක් , වැඩිහිටි ඥාතියෙක් හෝ වෙනත් ප්‍රභූවරයෙකුට බුලත් දිමෙදි මේ ක්‍රමය අනුගමනය කරයි. ගෙට ගෙවැදීම, මගුල් තුලා ආදී විශේෂ අවස්තා සඳහා මෙලෙස බුලත්දීම හෙළ සංස්කෘතියේ අනිවාර්ය අංගයකි.
මෙම ක්‍රමයට බුලත් පිළිගන්වනු ලබන්නනේ වයසින් සමකාලීන හෝ වෙනත් කරුණකින් සමාන අය සඳහාය. බුලත් කොළය හරහට තැබිමෙන් සමාන්තර බව කිය වේ.
මෙම ක්‍රමයට බුලත් පිළිගන්වනු ලබන්නනේ තමන්ට වඩා සමාජ තත්ත්වයෙන් අඩු අයටය.
ඉන්දියාව, බුරුමය, පිලිපිනය, පකිස්ථානය, බංගලාදේශය යන වෙනත් රටවලද බුලත් කැමට පමණක් නොව වෙනත් විවිධ සමාජ අවස්ථාවලදි ද භාවිතා කරනුලබයි. සිංහල සමාජයේ ද බුලත් යනු විට කැමට ගන්නා කොළ විශේෂයක් පමණක්ම නොව ඊට වඩා ගැඹුරු අර්ථයන් ගෙන දෙන දෙයක්වන නමුත් කාලයත් සමඟ අභාවයටයෑමක් දක්නට ලැබේ.
(අන්තර්ජාලය ඇසුරෙනි)
– කල්හාරී –
Saru FM Media