ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ඊයේ (27දා) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ඔහු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරමින්රටේ බුද්ධි ජාලය ශක්තිමත් කිරීමට සහ ජාතික ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් වන නියෝජිතායතන අතර සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහාත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලැබිණ.
මේජර් ජෙනරල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී එම ධූරයේ වැඩ භාර ගන්නා ලදි.
Saru FM Media









