බුත්තල මාරක රිය අනතුරක්

0
2

ඊයේ (03 ) අළුයම් කාලයේ බුත්තල ඔක්කම්පිටිය මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ . ඔක්කම්පිටිය දෙස සිට බුත්තල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා බුත්තල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබේ .
පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුලත් කර ඇත.
මිය ගිය පුද්ගලයා , 20 හැවිරිදි වියෙහි පසුවන මහගොඩයාය, බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී තිබේ . බුත්තලපොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන්නේය .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here