බීමත්ව සිටි විභාග ශාලාධිපතිගේ රාජකාරි අත්හිටුවයි

0
1

කිළිනොච්චියේ පුනරීන් නල්ලූර් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි අද (24 දා) සිට අත්හිටුවා ඇති අතර ඔහුට එම විභාග ශාලාවට ඇතුලු වීමද තහනම් කොට තිබේ.
අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් වන මෙම මධ්‍යස්ථානයේ සේවය කළ නියෝජ්‍ය විභාග මධ්‍යස්ථානාධිපතිවරයා 21 දා රාජකාරි කටයුතු සදහා විභාග ශාලාවට පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්වය.
එසේ පැමිණ ඔහු සේවය කරණ අතරවාරයේ විභාග මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි තවත් දෙදෙනෙකු සමග ප්‍රශ්නයක් ඇති කරගෙන කලහකාරී ලෙස හැසිරීම නිසා ඔහු පිළිබදව බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුව නියෝජ්‍ය මධ්‍යස්ථානාධිපතිවරයාට එරෙහිව මූලික පරීක්ෂණයක් පවත්වා තිබේ.
එහිදී ඔහු බීමත්ව සිටි බව සනාථ වීම නිසා ඔහුව විභාග රාජකාරී වලින් ඉවත් කොට තිබේ. ඉන් පසුව අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් වෙනම පරීක්ෂණයක් එම නිලධාරියාට එරෙහිව ආරම්භ කොට ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here