බි්‍රතාන්‍ය සම්බාධක රටටත් බලපෑමේ අවධානමක්

0
8


එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමේ බලපෑමෙන් ශ්‍රී ලංකාවට අත්මිදීමට නම් තවත් පියවර කිහිපයක් ඉටුකල යුතු බව හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉදිරි වසර පහේදී ජාතික සංහිඳියාව වෙනුවෙන් ගන්නා පියවර පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බවයි.

Neth Sound · LAWYER PRATHIBA 01

බි්‍රතාන්‍ය පැනවූ සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යම් බලපෑමක් එල්ල වේදැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකලා.

මේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා.

Neth Sound · PROF SURANGA 01

බි්‍රතාන්‍ය පැනවූ සම්බාධක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව රජයේ ස්ථාවරය ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා.

ඒ, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් බි්‍රතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෲ පැටි්‍රක් මහතා වෙත ලිඛිතව දැනුම් දෙමින්.

එහි දැක්වෙන්නේ අතීතයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වෙතොත් ඒ පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බවයි. 

අදාළ පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වන බවයි අදාළ නිල දැනුම්දීමේ සඳහන් වන්නේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here