ඊශ්‍රායලයට මෙන්ම මුළු මහත් ලෝකයටම තවත් එක් අඳුරු දිනයක් සටහන් කරමින් 2023 ඔක්තෝබර් 07වන දින හිරු පායා හෝරා කිහිපයක් යන්නට මත්තෙන්, දකුණු ඊශ්‍රායලයේ ගසා තීරයේ සිට සන්නද්ධ පලස්තීන සටන්කරුවන් හා ගාසාහි පාලනය කරන හමාස් සංවිධානයේ සාමාජිකයන් ආයුධ සන්නද්ධව ඊශ්‍රායලයට කඩා පැන ඉතා අමානුෂික ලෙස ඊශ්‍රායලයේ ජීවත් වූ දේශීය විදේශීය සිවිල් වැසියන්ගේ ජීවිත, දේපළ හා අහිංසක වැසියන් ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරය වෙත රැගෙන පලා ගියහ.
ඊශ්‍රායලයේ ස්ථාන 119කින් ගාසා, ඊශ්‍රායල දේශ සීමා බාධක බිඳ දමමින් හා දේශ සීමා උල්ලංඝනය කරමින් බෙරී, කෆර් ආසා, අලුනීම් ඇතුළු ගම්මාන 21ක සිවිල් වැසියන් සමූහ ඝාතනය කළහ. හමාස් සටන්කාමීන් හා පලස්තීන සටන්කාමීන් ඇතුළු ගාසා සිවිල් වැසියන් 7000 පමණ මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රහාරකයන් ලෙස සහභාගි වූ බව වාර්තාවල සඳහන් වේ.
එදින ලෝකයේ රටවල් 44 ක් මෙම නින්දිත ප්‍රහාරය හෙළා දුටුවෝය. මෙම කෲර ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ විසූ දෙස් විදෙස් වැසියන් 1195 දෙනකු මියගියහ. ඒ අතර සිවිල් වැසියන් 698 හා ළමුන් 38 දෙනකු මෙම ප්‍රහාරයට ගොදුරු විය. එමෙන්ම විදේශිකයන් 79 දෙනකු හා ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදා සාමාජිකයන් 379 දෙනකු මෙම අවාසනාවන්ත ප්‍රහාරයට ලක් විය. ඒ අතරින් විදෙස් ජාතිකයන් 79 අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ද මෙම අශිෂ්ඨ මෙන්ම ම්ලේච්ඡ ප්‍රහාරයට ගොදුරු විය.
ඊශ්‍රායල් දේශයේ සාත්තු සේවයේ නියැලුණු අනුලා රත්නායක මහත්මිය සහ සුජිත් යටවර මහතා දකුණු ඊශ්‍රායලයේ බේරී ගම්මානේ සේවය කරන අතරතුර කුරිරු හමාස් ප්‍රහාරයට ලක්වී ඔවුන්ගේ ජීවිත අහිමි වූ අතර එය ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික අප සැමට අතිශය කම්පනය ඇතිකරවන කාරණයක් වන්නට විය. එමෙන්ම මෙම ප්‍රහාරයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් කීපදෙනකු වාසනාවන්ත ලෙස කිසිදු ජීවිතවලට හානියක් නොවුණු අතරම ඔවුන්ගේ කම්පනයට ඊශ්‍රායල් රජය මගින් ගත් ක්‍රියාමාර්ග අති විශිෂ්ට වන අතරම ඊශ්‍රායල් රජය මෙම ක්‍රියාමාර්ග ගැනීමේදී ඊශ්‍රායල් පුරවැසියන්ට හා සමානව මෙන්ම කිසිදු භේදයකින් තොරව සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.
මෙම අවාසනාවන්ත දිනයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් වැසියන් 251 ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරය වෙත රැගෙන ගියහ. තවද ඊශ්‍රායලයේ රජයේ දේපළ හා පුද්ගලික දේපළ අසීමිත ලෙස මංකොල්ල කෑ අතර එයින් ද නොනැවතී ඊශ්‍රායලයේ ගවයින්, අශ්වයින් හා බැටළුවන් යන සතුන් පවා ගාසා තීරයට රැගෙන යන ලදී. ප්‍රාණ ඇපයට ගත් විශේෂයෙන් කාන්තාවන් අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කළ අතර නොයෙකුත් ලිංගික වධ හිංසා ඔවුන් විසින් සිදු කළේ ගෝත්‍රික ලක්ෂණ නූතන ශිෂ්ට සමාජය මත කළු පැල්ලමක් තබමින්ය. තවද හමාස් ත්‍රස්තවාදීන් කුඩා ළමුන් විදුලි උදුන්වලට පවා දමා ඔවුන්ගේ කිරි කැටි ජීවිත විනාශ කළේ ත්‍රස්තවාදීන්ගේ අශිෂ්ට මුර්ග ගති ලොවට ප්‍රදර්ශනය කරමින්ය.
හමාස් සංවිධානයේ මෙම කෲර ක්‍රියාවෙන් පසුව ඊශ්‍රායල් රජය මගින් ගාසා තීරය වෙත හමුදා ක්‍රියාමාර්ග සිදු කරන්නට විය. ඊශ්‍රායල් රජය මගින් නිවේදනය කළේ මෙම හමුදා ක්‍රියාමාර්ගවල අරමුණ රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම මූලික කාරණය බවය. එමෙන්ම යුද්ධයේ කුරිරුකමේ ප්‍රමාණයේ සීමා නොමැති බව ප්‍රායෝගිකව දකිමින් ගාසා තීරය දින ගණනකින් සුන්බුන් ගොඩක් බවට පත්විය. දහස් ගණන් ජනතාව අවතැන් වූ අතර ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස ගැටලු එන්න එන්නම උග්‍ර වන්නට විය. ඊශ්‍රායල් හමුදා ක්‍රියාමාර්ග නිසා හමාස් සංවිධානය ආරක්ෂාවට ගොඩනැඟූ භූගත බංකර් සමූහ ලෙස විනාශ වන්නට ද විය. මෙම බංකර් ගොඩනැඟීමට අති විශාල ශ්‍රමයක් හා විශාල ධනස්කන්ධයක් වැය කොට ඇති බව එම දර්ශන මගින් අප කාටත් පැහැදිලිය. නමුත් ඔවුන්ගේ මෙම බංකර වෙනුවට පාසල් ගොඩනැඟුවා නම් කොපමණ අර්ථවත්ද.
ගාසා හි යුද්ධය ආරම්භ වීමෙන් පසුව උතුරු ඊශ්‍රායලයේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය මගින්ද ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර නොකඩවා එල්ල කරන්නට විය. එය උතුරු ඊශ්‍රායලයට විශාල තර්ජනයක් වූ බැවින් ඊශ්‍රායල් රජය මගින් හිස්බුල්ලා සටන්කාමීන් සොයා හමුදා ක්‍රියාමාර්ගයන් ගන්නට විය. යුද්ධයේ දින ගණනක් ගිය පසු හිස්බුල්ලා නායකයන් මෙන්ම ඔවුන්ගේ සංවිධානය අන්ත පරාජයකට ලක්විය.
ගාසා යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව කිහිප අවස්ථාවකම සටන් විරාම පැවතුණු අතර ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල් වැසියන් සහ ඊශ්‍රායලයේ බන්ධනාගාරවල සිටින පලස්තීන වැසියන් හුවමාරු කරගත් අතර එම සටන් විරාම දින කීපයකට පමණක් සීමා විය. මේ අතරතුර ගාසා හි පාලනය කරන හමාස් සංවිධානයට විරුද්ධව ගාසා වැසියන් අතරින් කැරලි ගොඩනැඟුණු අතර ඔවුන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ පවා උද්ඝෝෂණය කරන ලදී.
යුද්ධය ආරම්භ වී වසර දෙකකට පසුව එනම් 2025.10.07 දින ලෝක නායකයන් එක හෙළා ප්‍රකාශ කළේ ගාසා හි යුද්ධය සටන් විරාමයකට දෙපාර්ශ්වයම යා යුතු බවය. එනම් යුද්ධය ආරම්භ වී දින 722 පසුව එළැඹුණු 2025.10.10 දින දෙපාර්ශ්වය යම් යම් කොන්දේසි ඇතුව සටන් විරාමයකට අවතීර්ණ විය. මෙදින ගාසා හි මේ වනතුරු සිදු කළ ඊශ්‍රායල් හමුදා ක්‍රියාමාර්ග නවතා ඊශ්‍රායල් හමුදාව යළි ඊශ්‍රායලය වෙත පැමිණියේය. මින් පසුව ගාසා හි පාලනය නැවතත් හමාස් සංවිධානය වෙත ලබාගත් අතරම, ඔවුන්ට ආවේණික කුරිරුකම් නැවතත් ලෝකයට ප්‍රදර්ශනය වූයේ හමාස් සංවිධානයට එරෙහි වූ ගාසා හි වැසියන් 30 දෙනකු ඝාතනය කළ අතර ඉන් හත් දෙනකු ප්‍රසිද්ධියේ ඝාතනයට ලක්විය.
සටන් විරාමයේ ප්‍රධාන කොන්දේසියක් වූයේ ගාසාහි ප්‍රාණ ඇපයේ සිටින දැනට ජීවතුන් අතර සිටින 20 දෙනා සහ ප්‍රාණ ඇපයට ගත් පසුව මියගිය 28 දෙනකුගේ සිරුරු ඊශ්‍රායල් රජය වෙත ලබා දෙන බව ප්‍රකාශ කරමින්ය. එමෙන්ම ඊශ්‍රායල් රජයේ බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් 250 දෙනකු සහ ගාසා වැසියන් 1722 දෙදෙනකු නිදහස් කිරීමේ කොන්දේසි මතය.
යුද්ධය ආරම්භ වී හරියටම දින 738 ට පසුව සටන් විරාමයේ කොන්දේසි අනුව හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල් වැසියන් විසි දෙනා නිදහස් කරන්නට විය. එමෙන්ම එදින ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රායලය වෙත හදිසි විදේශ සංචාරයකට පැමිණි අතර ඇමෙරිකානු ජනාධිපති විසින් ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව ඇමතීම කැපී පෙනුණු කාරණයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එදිනම ඊජිප්තුවේ පැවති ගාසා සාම සමුළුවේ මූලික අරමුණ වූයේ ආරක්ෂාව, පාලනය හා මානුෂික ගැටලු යන ක්ෂේත්‍ර තුන මුල් කරගෙනය. මේ සමුළුව සඳහා ඊජිප්තුව මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා යුරෝපයේ ප්‍රබල රටවල් රැසක් නියෝජනය කිරීම කැපී පෙනුණි.
එමෙන්ම ගාසා තීරයේ දින 738 ප්‍රාණ ඇපයේ සිට ඊශ්‍රායලය වෙත නිදහස්ව පැමිණි පුද්ගලයන්ගේ සෞඛ්‍ය මට්ටම ඉතාමත් පිරිහී තිබුණු බව ඔවුන්ගේ ස්වරූපයෙන් මැනවින් විදහාපාන කාරණයකි. ඔවුන් පවසන ආකාරයට ඔවුන් ගතකළේ අමානුෂික හිංසනවලින් පිරුණු දින 738ක් බවය.
යුද්ධය ආරම්භ වී ගෙවුණු බිහිසුණු දින 738 නිමා කරමින් සාමය පිරුණු මනුෂ්‍යත්වය රජයන සමාජක් බිහිවීම අප කාගෙත් බලාපොරොත්තුව බව පැවසිය යුතු කාරණයකි.

මංගල කරඳවල –
ඊශ්‍රායලය
Saru FM Media