තමන්ගේම කියලා ව්‍යාපාරයකට අතගහන්න බලාගෙන කී දෙනෙක් ඉන්නවද ?දවසින් දවස මේ දේවල් කල්දාන්න අප කී දෙනෙක් පුරුදු වෙලා ඉන්නවද ?ඉතින් අපි හිතුවා මේ වැඩ කල් යන්න හේතුව ගැන කරුණු කාරණා ටිකක් ඔබ සමඟ බෙදා හදා ගන්න. ඉතින් ඔන්න අද නැත්නම් හෙට ව්‍යාපාරයක් අරඹන්නට කල් යල් බලමින් සිටින ඔබට මෙය බොහොමත්ම ප්‍රයෝජන වේවි.
අපි බලමු මේ වැඩ කටයුතු කල් යන්න හේතු මොනවද කියලා
බොහෝ කාන්තාවන් තවමත් සිහින දකින්නේ කිරි ටොෆි හදාන්න,ලියුම් කවර හදන්න එහෙම නැත්තම් බිම්මල් ,හඳුන්කුරු වැනි දේවල් වල නිරත වීමටයි.නමුත් ලෝකයේ අවශ්‍යතා දැන් ඊටත් වඩා ඉදිරියට ගොස් තිබෙනවා.ඒ නිසා වෙළඳ පොළ ආර්ථික රටාවට ගැළපෙන ලෙසයි ඔබගේ සැලසුම් සකස් විය යුත්තේ.
තරඟකාරිත්වයට මුහුණ දිය හැකි ව්‍යාපාරයක් තෝරා ගැනීමට ඔබ වග බලා ගත යුතු වනවා. වෙළඳ පොළ තරඟයක් නොමැති අලුත් නිෂ්පාදනයක් ඔබට මෙහිදී තෝරා ගැනීමට සිදුවෙනවා.
කුමන හෝ ව්‍යාපාරයකට සැලසුමක් යනු අත්‍යාවශ්‍යම සාධකයක්.එය කුඩා හෝ මහා පරිමාණ හෝ ඕනෑම එකක් වුවත් සැලසුමකට අනුව සිදු කිරීමට වග බලා ගත යුතු වනවා.
අද සියලුම දෙනා ඉතාමත්ම කාර්යබහුල ජිවිතයක් ගත කරමින් සිටින්නේ.ඒ නිසාම සියලුම දේවල් මිලදී ගන්නටයි ඔවුන් පෙළඹී සිටින්නේ.ඉතින් මෙන්න මේ අවැසිතා වලට නිවැරදිව ආමන්ත්‍රණය කළ හැකි ව්‍යාපාරික අවස්ථා එමටයි.
සමහර ව්‍යාපාර තිබෙනවා කෙතරම් තරඟයක් තිබුනත් ගැටළුවක් නොවන සහ රැල්ල සමඟ යා හැකි.දේශීය ආහාර,කාර්යාල ඉලක්කකරගෙන සිදු කරන ලබන ආහාර වෙළඳාම,පලතුරු බීම නිෂ්පාදනය වැනි දෑ රැල්ලේ ව්‍යාපාර ලෙස හැඳින්විය හැකියි.ඒ වගේම විවිධ උත්සව කාල,ආගමික උත්සව ඉලක්ක කරගෙන සිදු කරන ව්‍යාපාරත් මෙලෙස රැල්ලේ ව්‍යාපාර ලෙස හැඳින්විය හැකියි.ඒ වගේම රසකාරක වලින් තොර දේශීය ගුණාත්මක නිෂ්පාදන සඳහා විදේශීය රටවලින් පවා හොඳ ඉල්ලුමක් ලැබෙන බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්.
ඉතින් කාලයක් තිස්සේ කල් ඇදඇද තිබෙන ඔබේ ව්‍යාපාරික සිහිනය යථාර්තයක් බවට පත් කරගන්නට ඒ තරම්ම අපහසුවක් නැහැ.නිර්මාණශිලිත්වය සමග සැලසුම් සහගත බව පමණක් නොවෙයි වෙළඳ පොළ පිලිබඳ ඉව ඔබව ඉදිරියට ගෙනයාවි.
– චම්මි –
Saru FM Media