ලස්සනට ඉන්න වගේම ලස්සන නිසා අන් අය අතර කැපිලා පේන්න කවුද අකමැති.එහෙම නේද ?මේ බියුටි ටිප්ස් ටික ලස්සන වෙන්නත් ආසා එහෙත් සැලෝන් යාමට කම්මැලි අයට ……
තොල් වියලීම බොහෝ අයට ලොකු ගැටලුවක්.මී පැනි සහ ඔලිව් ඔයිල් වලට සීනි එකතු කරන්න.විනාඩි දෙකක් පමන පිරිමැද සෝදා අරින්න.
නිය ආලේපන ගැල්විමේදී සාමන්‍ය සමේත් ගෑවීම ලොකු ගැටලුවක්.ආලේපනයට පෙර නියපොතු වටා ගම් ටේප් එකක් අලවන්න.ආලේපනයෙන් පසු ගලවා දමන්න.
කලු තේ සමග විනාකිරි මිශ්‍ර වතුරෙන් ශේව් කල කකුලේ සම තවන්න.සුසිනිඳු බවක් ගෙනදෙනවා.
මස්කාරා අන්තිම අඩියටම වේලී ඇත්නම් ලෙන්ස් සොලූශන්වලින් ටිකක් වත්කරන්න.හදිසි වෙලාවකට කදිමයි.
අවර්න නියපොතු දින පහක් පමන ටූත්පේස්ට් ආලේප කර බ්‍රශ් කරන්න.වෙනස බලන්න.
කැස්ට්‍රොල් ඔයිල්,ඇවකාඩෝ ඔයිල් සමග පොල්තෙල් මිශ්‍ර කර හිසකෙස් වල ආලේප කරන්න.වේගවත් වර්ධනයක් ලබාගන්න.
පාට පැන්සල් ඔබට අවශ්‍ය වර්න තෝරාගන්න.උනුසුම් වතුර කෝප්පයක තුඩ පැත්ත හරවා පොඟවාගන්න.ඇස් පිල්ලම් වර්න ගැන්වීමට යොදාගන්නට පුලුවන්.
උදරය අවම කරගැනීමට ,බිම දිගාවී හුස්ම ඇතුලට ගන්න.බඩ වල ගැසෙන සේ.තත්පර විස්සකින් පසු සෙමෙන් නිදහස් කරන්න.දිනපතා සිදුකර වෙනස අත්විඳින්න.
ශේව් කිරීමේදී හෙයාර් කන්ඩිශනර් යොදා ගන්නටද පුලුවනි.සම ප්‍රානවත් පෙනුමකින් යුතුවෙනවා.
ස්ට්‍රෙච් මාක් සඳහා ඇලෝවේරා පොල්තෙල් සමග මිශ්‍ර කර දිනපතා ආලේප කරන්න.
ජෙලටින් උනුවතුරේ දියකරගන්න.තොල්වල ආලේප කිරීමට සුදුසු වර්නයක ෆුඩ් කලර් එකක් එකතු කරගන්න.එය තොල් මත ආලේප කරන්න.විනාඩි කිහිපයකින් තොල් මත බාහිර ආවරනයක් සැදෙනවා.එය ගලවා දමන්න.තොල් වර්නගැන්වී ඇති අතර ලිප්ස්ටික් මෙන් ආහාර ගැනීමේදී දියවෙන්නේ නැහැ.
ඉරේශා
Saru FM Media