බියගම මැතිවරණ කොට්ඨාසයේ තවත් නිවාස දෙකක ඉදිකිරීම් ආරම්භ කෙරේ

0
2

බියගම මැතිවරණ කොට්ඨාසයේ තවත් නිවාස දෙකක ඉදිකිරීම් ආරම්භ කෙරේ

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ව්‍යාපෘතිය යටතේ බියගම මැතිවරණ කොට්ඨාසයේ තවත් නිවාස 02ක ඉදිකිරීම් කටයුතු අද (23) වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

ඒ අනුව 2026 වර්ෂය සඳහා මෙම මැතිවරණ කොට්ඨාශය තුළ නිවාස 12ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර ඉදිකිරීමට නියමිත මුළු නිවාස සංථ්‍යාව 50ක් වේ.සෑම නිවසකම ඉදිකිරීම් කටයුතු මාස 3කින් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.මේ සඳහා තාක්ෂණික සහය සහ අධීක්ෂණ කටයතු සිදු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය වේ.

මෙම ඉදිකිරීම් ආරම්භ කරන අවස්ථාවේ මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා දැනට ගැටලුකාරී තත්වයන් උද්ගත වුවද මෙම නිවාස ව්‍යාපෘතිවල වැඩ කටයුතු නතර නොකරන බවත්, 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

. තවද ජාතී හෝ ආගම් භේදයකින් තොරව නිර්ණායකයන්ට අනුකූලව සුදුසු දිළඳු පවුල් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් ලෙස තෝරාගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here