බියගම “අමුත්තන්ගේ රාත්‍රීය”‍ – සෝදිසි මෙහෙයුමේදී වරෙන්තුකරුවෝ 3ක් ඇතුළු හා 15ක් අත්අඩංගුවට

0
1

බියගම පොලිසිය මගින් බියගම පොලිස් බල ප්‍රදේශය තුල “අමුත්තන්ගේ රාත්‍රීය ”‍ නමින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවෘත වරෙන්තුකරුවන් තිදෙනෙකු ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුම පෙරේදා (25දා) රාත්‍රී 8.30 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වූ පැය 04 ක කාලයක් පවත්වන ලදී. මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී විවිධ චෝදනා ලැබ අධිකරණය මගහැර සිටි විවෘත වරෙන්තුකරුවන් 03 දෙනෙකුද මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් 09 දෙනෙකුද අනන්‍යතාව තහවුරු කිරීමට අපොහොසත් වූ පුද්ගලයින් 03 දෙනෙකු ද මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමට බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ, එහි ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත රාජකරුණා හා අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 35 දෙනෙක් සහභාගි වූහ.
දෙල්ගොඩ – ඩබ්ලිව්.ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here