අභියෝග මැද බිම්ස්ටෙක් සමුළුව තායිලන්තයේදී අද ආරම්භ වුණා.
පසුගියදා ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ යටිතල පහසුකම් හා අනෙකුත් පහසුකම් සුරක්ෂිත කිරීමෙන් පසුවයි මෙම සමුළුව ආරම්භ කෙරුණේ.
එරට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ සමුළුව අද සිට ලබන 4 වනදා දක්වා බැංකොක් හිදී පැවැත්වෙන බවයි.
ආර්ථිකය පුනර්ජීවනය, වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම මගින් දරිද්‍රතාවය තුරන් කිරීම, පරිසරය සහ තිරසාරභාවය ආරක්ෂා කිරීම සහ කලාපයේ ආහාර සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතභාවය සහතික කිරීම අරමුණු කරගනිමින් මෙවර සමුළුව පැවැත්වෙනවා.
මෙම තේමාව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය සහයෝගීතාව පුළුල් කිරීමට සහ විවිධ අංශ හරහා සහභාගීත්වය දිරිමත් කිරීමට අපේක්ෂා කෙරෙනවා.
Saru FM Media