බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමට අගමැතිනිය තායිලන්තයට

0
9


තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බහු- තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 6 වැනි සමුළුව සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (03) රාත්‍රියේ සහභාගී වුණා.

BIMSTEC 6 වැනි සමුළුව අද තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන අතර ඊට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ තායිලන්තයට පැමිණියා.

වසර තුනකට පසු පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුවේ තේමාව වන්නෙ “සෞභාග්‍යවත්, ඔරොත්තු දීම සහ විවෘතභාවය” යන්නයි.

සාමාජික රටවල් හත වන – බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර හවුල් ආරක්ෂක සහ සංවර්ධන අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම බිම්ස්ටෙක් සමුළුවේ අරමුණයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here