විවහා වූ දෙපලකට නම් තමන්ට සිටින වටිනාම වස්තුව දරුවන්ය. බොහෝ දෙමවුපියන් මුළු ජිවිත කාලයම වැය කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. දරුවන්ගේ කායික , මානසික යන සෑම අංශයකටම දෙමවුපියන්ගේ යුගදිවියේ සාර්ථකත්වය බලපානවා. අම්මායි තාත්තයි නිතරම රණ්ඩු කරන විට, තාත්තා නිතරම බිමත්ව සිටින විට එය දරුවන්ට තදින්ම බලපානවා. හැම අම්මායි තාත්තායි කෙනෙක්ම කැමති තම දරුවන් උසස් පුද්ගලයන් වෙනවා දකින්න. නමුදු අද සමාජයේ බොහෝ දෙමවුපියන්ගේ එම සිහිනය සදාකාලික සිහිනයක් වන බව අප අනන්තවත් දැක තිබේ. ඊට හේතු වී ඇත්තේ බොහෝ දෙමවුපියන් විවහා වී ටික කාලයක් යන විට දෙන්නා දෙපැත්තකට වීමයි. පවුලක් ගරා වැටුණු විට ඉන් අසරණ වන්නේ දරුවන්ය. පවුලක සාර්ථකත්වයට මව්පිය සහ දරුවන් අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතුය.
කොතරම් මිල මුදල් , යාන වාහන ඔබට තිබුනත් ඔබේ පවුලේ සාමය සාමාජිකයන් අතර නැති නම්, පවුල් ජිවිතයේ උපරිම සතුට එම සාමාජිකයන් අතරට නොලැබේ නම්, ගෙදර අපායක් නම් එවැනි පවුලකින් වැඩක් නැත.
දරුවන් බලාපොරොත්තු වන සෙනෙහස, ආදරය දෙමවුපියන්ගෙන් නොලැබෙන විට දරුවන් මානසිකව බිද වැටුණු ඇත. එවිට දරුවන් ගැටළු ගණනාවකට මුහුණ දේ. එනම්,
දෙමවුපියන් නිතර නිතර ගැටුම් ඇති කර ගැනීමෙන් දරුවන්ගේ මානසිකත්වය බිද වැටී අධ්‍යාපනය පවා කඩාකප්පල් වේ. මෙවැනි පවුල වල දරුවන් වැඩි වශයෙන් මානසික ගැටළු වලට මුහුණ දේ.
හැමවිටම ඔබ දෙපල අතර කොතරම් ගැටළු හට ගැනුනත් එය දරුවාට දැනෙන්න දෙන්න එපා. ඒවා දෙදනා අතර පමණක් තබා ගෙන විසදා ගන්න. බොහෝ දරුවන්ගේ මුලු අනාගතයම අදුරු වන්නේ දෙමවුපියන්ගේ ආරවුල් නිසාය. දරුවාට සෙනෙහස, ආදරය අහිමි වූ විට ඔහු එය වෙන තැනකින් සොයන්න බලයි. ඔහු ආදරය සොයන්නේ වැරදි පාරකින් බව දරුවාට තේරෙන්නේ නෑ. දරුවන් අපරාධ වලට යොමු වන්නේ දෙමවුපියන්ගේ වැරදී නිසා මිස දරුවන්ගේ වැරදි නිසා නෙමේ. තම දරුවාට පුර්ණ අවධානය ලබා දීම දෙමවුපියන් සතු දෙයකි.
ඇතැම් දෙමවුපියන්ගේ කාර්ය බහුලත්වය නිසාම තම දරුවන් සමග කතා කිරීමටවත් වෙලාවක් නැති තරම්ය. කොතරම් මුදල් හම්බ කලත් දරුවන් අයාලේ යන්නේ නම් ඔබේ මුදල් වලින් වැඩක් නැත. ඇතැම් දරුවන් මුළු ජිවිත කාලයම තම දෙමවුපිය නිසා විදවයි. දෙවෙනි කසාදයක් ගැන සිතන මව්වරුන් තම දරුවන් ගැන සිතිය යුතුය. දරුවන් මෙලොවට බිහි කිරීමෙන් පමණක් ඔබට වගකීම් වලින් මිදිය නොහැකිය.
ඔබට ඔබේ පවුලේ සමගිය රැක ගැනීමට බොහෝ දේවල් කල හැකිය. සෑම විටම එක මේසයේ ආහාර ගන්න පුරුදු වෙන්න. එවිට දරුවාගේ එදා දවසේ සිදු වූ දේවල් පිලිබදව, දරුවා ඇසුරු කරන මිතුරු මිතුරියන් පිලිබදව දැන ගැනීමට හැකි වේ. එවිට ඔබට ඔබේ දරුවා මග හැරෙන්නේ නැත. පවුලක් රකින සතර වරම් දෙවියන් වන්නේ කරුණාව, දයාව ඉවසීම, ආදරය වැනි සාධකයි. දරුවාට සෑම විටම හොද මිතුරෙක්, මිතුරියක් වන්න.
Saru FM Media