බැයි නම් බෑ කියල රට නාමල්ට භාර දෙන්න. අපි ඉන්නවා උදව් කරන්න – ලොහාන් ආණ්ඩුවට කියයි!

0
16


කොළඹ LNW:ජනවරමට අනුව පොරොන්දු ඉටුකළ නොහැකි නම් නාමල්ට රට භාර දෙන ලෙසත් ඔහුට උදව් කිරීමට තමන් ඇතුළු පිරිස සිටින බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේය.

රටේ ජනතාවගේ කැමැත්ත මත අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස පත් කර ගෙන ඔවුන්ගේ මන්ත්‍රීවරුද 159ක් පාර්ලිමේන්තුවට පත්කරගත්තද දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බවයි රත්වත්තේ මහතා සඳහන් කළේ.

”අපි සියලු දෙනාම මේ මොහොතේ රටේ ජනතාවගේ ඉල්ලීම මත අනුර කුමාර ජනාධිපති කරලා 159ක් මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවට පත් කරලා දුන්න පොරොන්දු එකකවත් අද ඉෂ්ට කරලා නැහැ. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමුන්න්නාන්සේලා මේ රටට හොඳක් කරනවා නම් අපි තමුන්නාන්සේලාත් එක්ක ඉන්නවා හැබැයි එහෙම නැත්න්ම අපිටත් විකල්ප මාර්ගයක් ගන්න වෙනවා කියන පණිවිඩය අපි අද දෙන්න ඕනේ. ඒ නිසා මම ආණ්ඩුවට බනින්න යන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ තමුන්නාන්සේලාට ජනවරමක් ලැබිල තියෙනවා. ඒක ඉෂ්ට කරන්න. බැරි නම් බෑ කියන්න නාමල්ට දෙන්න. අපි ඉන්නවා එතන උදව් කරන්න. මහින්ද මහත්තයත් තාම ඉන්නවා.”

මේ අතර තමන් ගියවර මැතිවරණයට ඉදිරිපත් නොවුණේ රටේ ජනතාවට කොච්චර කළත් එහි අගය නොතේරීම නිස බවද ඔහු ප්‍රකාශ කළේය.

”අපේ හාමුදුරුවනේ ඉස්සෙල්ලම කියන්න ඕනේ මම කවදාවත් පොහොට්ටුව දාලා ගියේ නැහැ. ඒ නිසා මම අද අපේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සමඟ මෙතනට පැමිණීම මට අමුතු දෙයක් නෙවෙයි. එතුමාගේ පියත් සමඟ නැති බැරි අවස්ථාවේ පටන් මම එතුමත් සමඟ හිටියා. අදත් ඉන්නවා. ඒකෙ කිසිම වෙනසක් නැහැ. එතුමා මේ රටට කරපු දේ මේ රටේ මිනිස්සුන්ට අමතක වෙලා. අපි මෙතන ඉඳගෙන ඉන්නේ එතුමා නිසා. මෙව්වා සියලු දේ අමතක වෙලා. ඇත්ත අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සහයට අපි එකඟ වුණා. ඇයි ඒ? මේ රට වැටිච්ච ප්‍රපාතයෙන් ගොඩගන්න. වෙන හේතුවකට නෙවෙයි. මහින්ද මහත්තයාගේත් පක්ෂයේත් අවශ්‍යතාව මත තමයි අපි ඒක කළේ. හැබැයි ගිය මැතිවරණයේදී අපි ඉදිරිපත් වුණේ නැත්තේ ඇත්තටම මේ රටට මෙච්චර කරලත් මේ රටේ මිනිසුන්ට ඒකෙ අගය තේරෙන්නේ නැත්නම් මොනවටද අපි නැවත වරක් ඉදිරිපත් වෙන්නේ කියන හේතුව මත තමයි මගේ අපේක්ෂකතවයෙන් මම ඉල්ලා අස්වුණේ. වෙන හේතුවකට නෙවෙයි.” යනුවෙන් රත්වත්තේ මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින නුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂක හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here