බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්

0
9

අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්ගේ බිරිද වන ශාධිකා ලක්ෂානී යන අය දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඊයේ (10දා) වවුනියාව අධිකරණය වෙත ගෙනැවිත් ඇත.

ඒ ඇයට විදේශ ගතවීම සදහා ගමන් බලපත්‍රයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියෙකු විසින් වංචනිකව ලබා දී ඇති බවට පොලීසියට හෙළි වූ තොරතුරක් මත ඇයට එරෙහිව වවුනියාව අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයක් සදහාය.

පොලීසියේ හා බන්ධනාගර නිලධාරීන්ගේ දැඩි රැකවරණය මත ඇයව අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන එන ලද අතර ඇය සම්බන්ධයෙන් වූ නඩුව මේ මස 24 වෙනිදා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා ඇයව ඒ වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙසද නියෝග කළාය.

බැකෝ සමන්ගේ බිරිද දැක බලා ගැනීමට විශාල පිරිසක් අධිකරණයෙන් පිටත වූ මාර්ගයේ රැදී සිටින අයුරු දක්නට ලැබිණ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here