Friday, May 23, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් බැංකොක් යද්දී අගමැතිනි හරිනිගේ කැෂුවල් ඇඳුම ගැන කයිකතන්දර

බැංකොක් යද්දී අගමැතිනි හරිනිගේ කැෂුවල් ඇඳුම ගැන කයිකතන්දර

0
22


rumors-swirl-about-prime-minister-harinis-casual-attire-while-visiting-bangkok

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන BIMSTEC සමුළුව සඳහා සහභාගී වන්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් අගමැතිනි හරිනි අමරසූරිය ගමන් කිරීම සහ එහි යද්දී ඇඳ පැළඳ ගිය ආකාරය ගැන සමාජ මාධ්‍ය තුළ කථාබහක් මතුව තිබේ. ඇය මෙම සංචාරයේදී ශ්‍රී ලංකා නියෝජනය කරමින් රටේ අගමැතිනිය ලෙස ඇඳුම් ඇඳ තිබුණ හැටි හා ඒවා තෝරාගැනීම ගැටලුකාරී බව ඇතැමුන් මත පළ කර තිබේ. 2 වනදා පස්වරුවේ තායිලන්තයේ බැංකොක් හි ස්වර්ණ භූමි ගුවන් තොටුපළෙන් බැස යන අගමැතිනිය බඩේ ස්විටරයක් බැඳගෙන ගමන් කළ ආකාරය නොගැළපෙන බව ඇතැමුන් තර්ක කර තිබේ.
තායිලන්ත ගුවන් ගමනට ඇය මෙම කැෂුවල් ඇඳුම ඇඳගෙන ගමන් කර ගුවන් තොටේදී එරට සාමාන්‍ය පිළිගැනීමේ අවස්ථ‍ාවකට එක්වූ අතර සමුළුවට ආ රටවල් හයේම නායකයින් එතැනදී පිළිගෙන තිබුනේ විශේෂ ආකාරයකින් නොවේ. අනතුරුව පැවති රාත්‍රී භෝජන සංග්‍රහය, උත්සවය හෝ සම්මන්ත්‍රණය අවස්ථාවට ඇය එසේ ඇඳ පැළඳ සිටින්නේ නැත.

මින් ඉහත පසුගිය මාර්තු මාසයේ අගමැතිනිය කළ යුරෝපා සංචාරය අතරතුරදී ප්‍රංශයේදී හා ජර්මනියේදීද මේ ආකාර කැෂුවල් ඇඳුම් ඇඳගෙන ඇය ගමන් කර තිබෙන අතර එම ඇඳුම් ගැන මින් ඉහත සාකච්ඡාවක් හෝ විවේචනයක් පැන නැග තිබුනේ නැත.
බැංකොක් නුවර සංචාරය කරන අතරතුර ඇය  වට් ෆෝ පන්සල වෙතද ගමන් කරන අතර එහිදී ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ රඟපෑ ඉන්දීය නළු ගගන් මලික් හමුවී ඔහු සමග ඡායාරූපයක්ද ගෙන තිබුණි.පන්සලෙදී ඇය ඇඳ සිටියේ සාරියකි.

බිම්ස්ටෙක් සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 3 වනදා  රාත්‍රියේ සහභාගී වූ අතර අද ඇරඹි සමුළුවටද සාරි ඇඳ සහභාගී වූවාය.
වසර තුනකට පසු පැවැත්වෙන මෙම බිම්ස්ටෙක් සමුළුවේ “සෞභාග්‍යවත්, ඔරොත්තු දීම සහ විවෘතභාවය” යන්න මෙවර තේමාවයි.
මෙම සමුළුවේ සාමාජික රටවල් හත එනම් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය  එක්ව සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here